ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෙව් බඹුනි මගෙ පුතා……….

දෙව් බඹුනි මගෙ පුතා……….

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය - කොළඹ
2023-January

දුරුත්තේ සීතලේ පොංගල්
දින උදා කර සදා හසරැල්
මිහිර බෙදුවා පෙරා රන්දැල්
නොනවතින සේ ගලන ගඟුලැල්.

මිහිතලය පිට නන්දෙසේ හිඳ
පිය උරය මත සෙනේහය විඳ
වීදි පහුකර ආ ගමන් මග
සැරසුවා නුඹ රන් මලින් සොඳ.

සදා උණුසුම් ළමැද ළෙහි බර
උදාවේ සැමදා දිනෙන් දින
බදා දෝතින් රඳා ගත් නුඹ
මෙදා සුවබර සිනිඳු දෑතක

අහස් කුස දිව විමන් දොරගුළු
නොලා එබි එබි බලන සුරඹුන්
කිණිති මල් සලමින් ගයති ගී
පංචසිඛ වෙණ මිහිර විඳිමින්.

ගුවන් ගැබ සිට පොකුරු මල් වැහි
වසී පෙර මග යුවළ යහපත්
රුසිරු පියඹද සමග රැකදෙන්
දෙව් බඹුනි මගෙ පුතා බෝසත්.