ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අරුණලු

අරුණලු

මාලපල්ලේ හේමාංගි අමරසිංහ
2021-September

නිදිගත් ලොව ළා හිරුරැස් ගොමුකොට
අවදි කරන සිරියා
සුන්දර හිමිදිරි උදෑසනේ
පැතිරෙයි අරුණලු පොබවා!
සහන් හැඟුම් සිත පුබුදනවා
නව දිනකට ලොව සැරසෙනවා…

අතු ඉති තණ බැඳි මුතු පිණි සනහා
මිණි කැට පරයන විලසට ඔප දා
හිරුරැස් හෙමිහිට දඟ ව නැගෙන සඳ
ඒ පිණි මිණි කැට වියැකෙනවා…

සොබා දහම සුන්දරතාව ද රැකි
අරුමය ඇති-නැති වන බව පැවසෙයි
එ වන් ලොවක දිවි බර ගත් අපගේ
අවසන් උරුමය මැනැවින් දනවයි!

පණ නම් කෙළෙස ද නොමැරි තියෙන්නේ
තණ අග පිණි ලෙස වියැකී යන්නේ…!!