ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දසුනක වෙනස

දසුනක වෙනස

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
2023-May

එක මගක යන දෙදෙනෙක්
දිනෙක යන විට ගමනක්
හමුවුනා ලොකු තුඔසක්
එකම තුඔසක වෙනස් දසුනක්

නෙක හැඩති රටාවන් එක්කොට
සමගි වී “වේ ” ගුලක් කදිමට
නිමා කර ඇති මේ තුඔසට
එකෙකු නෙත් යොමුකලා කදිමට

අයෙක් ඇස් රැළි කොට
පා පහරකුත් දී තුඔස‍ට
රටාවක් මෙහි තිබුනට
මැටි ගොඩකි බර පොලවට

පෙගෙනමුත් මහ වැස්සට
පොඩි “වේ” පැටව් වෙනුවට
සර්පයන් එක රොත්තට
ගුලි ගැසේ මැටි කබොලු පස් යට

එකම මග යන වුන් වුවත්
විවිධ මතයන් හිත දරත්
හිතේ ඇති සිතිවිලි මතත්
දකින රූපය විවිධ වෙත්

එකම සිතුවිලි සම සිතක්
දකිනු රිසි මුත් මිරිගුවක්
නොගැලපෙන දේ ගැලපුමක්
අලුත් යුගයක ඇරබුමක්

21/04/2023