ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇමරිකාව, ඉන්දියාව, චීනය  සහ  මුතු ඇටය.

ඇමරිකාව, ඉන්දියාව, චීනය  සහ  මුතු ඇටය.

වෛද්‍ය චතුර එම්. විමලරත්න -  වැල්ලවාය.
2021-May

සයුර මැද කිඳි කිඳී
නායි දිය කිඳුරියක්
ඇගේ පියොයුරු දෙසම
දල්වා ම  ඇස් හයකි

එකෙක් බිම  දනගාන
සොළොස් මස් බිලින්දෙකි
අලුත් රහ කිරි ටිකක්
උරන්නට හිතක් ඇති

ජොකෙක් ඇඳි තරුණයෙක්
දන ඔබා වැල්ල මත
නිදන්නට සයනයක්
පතයි ඒ පිරුණු ලැම

සළු වියන වෙළෙන්දෙකි
බෙදුම් කට්ටක් රැගෙන
ඇගේ තං කපන්න ට
නිසි මිම්ම ගනු පිණිස

ඇගේ මින් දරු සියන්
උං දාන පොරි සපති
ලං වෙන්ඩ ඉඩ හරිති
කිරි නොබොති ගී ගයති