ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බල්ලට දුන් මනාපේ

බල්ලට දුන් මනාපේ

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2023-March

අපේ ගෙදරත් – පුංචි ජන්දයක්
බලු පැටියෙක් ඕනද නැද්ද කියල
අත උස්සලා ජන්දෙදීලා
හැමෝම දුන්නා මනාප ජන්දේ – බලු පැටියව ගේන්න කියලා

මනාප අරගෙන ඒකෙන් දිනලා – බල්ලා ගෙදරට ආවා පැනගෙන
බල්ලගේ ඕනෑ එපාකම් – මේ හැමදේමත්
තරඟෙට වාගේ හැමෝම එක්වී
කරලා දෙද්දී – බල්ලා ඉන්නවා මුදුනාවී

මනාපේ පැනලා දුන්නෙත් අපිමයි – ඌව මුදුනා කෙරුවෙත් අපිමයි
බල්ලගේ යටහත් වැසියොත් අපිමයි
බල්ලගේ වැඩ පමා කලොත් අපි – ඌ බුරා ගෙන ඇඟටම එන්නේ
බලුකම හැමවිට මතුවෙනවා

මනාපේ දීලා තිරිසන් සතෙකුට
දැන් දැන් කාටත් සිහිපත් වෙනවා – කරගත් මේ මෝඩකමේ හැටි

24පෙබරවාරි 2023