ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිතරම අහන ප්‍රශ්නය-

නිතරම අහන ප්‍රශ්නය-

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය
2024-March

නිතරම අහන ප්‍රශ්නය-
සුරංගනා කතා, සමනල්ලු , නිල් අහස ඇර වෙන දේවල් ලියන්නෙ නැද්ද ?

ඇහි දොර අරින තැන් සිට මෙහි දුකම ඇතී
ඉහිලුම නොදෙන තරමට නෙක රුදුරු වෙතී
මිහි සාරෙන් උරාගත් ඉරිතැලුම් නිතී
පිහි තුඩු උඩින් මල් ලෑවට වරද නැතී

බත් ඇති තැනට ලැබෙනව නම් කොසුත් හොඳ
හිත් පෑරෙනා ලෙස ඇත්නම් කඳුළු කඳ
සත් සිය වරක් කවි කෙරුවට ඵල වෙත්ද
නෙත් ඇර සිහිනයක් දැක්කම හොඳ නැද්ද

දුක ඇති අය ඇයිද මේ දුක උඩට අරන්
නෙක විට දෝස කරවති ගිනි හඬ පුපුරන්
එක පරපුරින් අහවර කොට මේ නපුරන්
දුක නසමී මවා මොහොතක මායාවන්

ගලනා බැවින් දිගටම ගං දිය දහර
පිපෙනා බැවින් අතු අග රත් මැයි මාර
දකිනා බැවින් බැමි එපිටින් තිරසාර
නොමනා දේම පබඳිමි මායාකාර

විහඟුන් ගුමන රන් වාටිය පියාපතේ
නොදනින් මෙවන් කටු ඉති නෙක ඇලී ගතේ
ගණනින් සැටක් යන්තම් ඇති මෙජීවිතේ
පුරමින් මැදුම් වත සිපගනු සොබා වතේ