ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මිහි කත – කාව්‍ය කරණය හා චිත්‍රණය

මිහි කත – කාව්‍ය කරණය හා චිත්‍රණය

කොළඹ මාලිගාවත්තේ, හාජියානී, සෙයියද් ෆිර්දවුස්බී හනිෆ්ඩීන්
2021-July

මහා සැඩ පහර අකුණු සැර මා ගතට ………. වැදුණාට
මහා ගිිරි දූර්ඝ, හිම කුණාටු වැසි වර්ෂා ………. ගැලුවාට
මහා සයුර හා ඈත ක්ෂිතිජය නර ජීවිත ………. නැසුවාට
නැත, මා ලතවන්නේ දුක් ගිණි ගොඩ ………. ගැහුවාට

මහා නීල ක්ෂිතිජය, නෙතට මනාව ………. පෙනුණාට
මහා සමුදුර තරණය කර මා නොයමි ………. කිසිදාක
සුභා සුබ සිහින දැක කදුළු නොසළමි ………. කිසිදාක
හොද නොහොද ලොව රජයයි මා නොමියන ………. තුරාවාට