ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මිල කීයද…? ආදරයට

මිල කීයද…? ආදරයට

වජිර ජයවර්ධන
2022-September

මිල කීයද…?
ආදරයට

සින්නක්කරයට
කුලියට හෝ බද්දට
ටික ටික ගෙවීමේ ක්‍රමයට
ලබා ගත හැකිය රාගය

ලයට ලය
ලෙයට ලෙය
එකග වූ අසිරියක්
ලය මතින් ආ යුතුය
ලෙයින් තෙත් විය යුතුය

මතක විඳින
කඩා වැටෙන
නොසෑහෙමින්
හඬා වැටෙන
ආදරයට නැත්තේ
මිලකි… කාලයකි.