ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දුරින් ඉඳන් ඉඹිනවාලු

දුරින් ඉඳන් ඉඹිනවාලු

අනුර හෑගොඩ
2022-March

නෙතින් නෙතක් ඉවතට ගෙන
අතින් අතක් අත්හළ දා
හිරු සඳු තරු පායනවා
කිසි ගානක් නැතිවා
හිරු සඳු තරු හිනැහෙනවා
කිසිම දුකක් නැතිවා

ගුරු පාරේ සල් ගස්වල අලුතින් මල් පිපිලා
ඒ මල් සුළඟට අසුවී පෙති හැමතැන හැළිලා
ගඟ හරහට ඔරු පදින්න ගියත් තනිය මකලා
මා ලියු කවි පෙණපිඬු වී ගඟ පුරාම පිරිලා

එදා වගෙම මල් වැස්සට රේල් පීලි තෙමෙනවාලු
බෝ පත් අතරින් එබිලා තරු කාවද හොයනවාලු
හාදු දෙන්න සඳු පසුපස හිරු තවමත් දුවනවාලු
බැරි වුනාට පෝයදාට දුරින් ඉඳන් ඉඹිනවාලු

———————————————–

ගායනය ; අමරසිරි පීරිස් / සංගීතය : නාලක අංජන කුමාර

නිකුත් වීමට නියමිතයි – ලියූවේ 2013 දී පටිගත කරන ලද්දේ 2017 දී