ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පාරමී පුරන්නම්

පාරමී පුරන්නම්

අනුරාධා ගුණසේකර - හොරණ
2024-February

පමා වී ඇවිත් නුඹ හදවතම සිම්බම
සංසාර මතකයක් පිබිදුනා සුවඳට
අයිතියක් නොපතාම ළඟ ඉන්න සිතුවට
දුක්බරම කඳුලකින් හිත දැවේ තිස්සෙම

බවෙන් බව ළඟ හිටි මතකයන් හින්දම
හැමදාම ඉගිලෙන්නේ සොයාගෙන නුඹේ රුව
හුස්මක පවා නුඹ දැවටිලා එනකොට
දුරස් වන්නට හිත හදාගන්නේ කොහොම

සැතපිලා ලය මත්තෙ විදින්නට උණුසුම
බැරිවුනත් මේ බවේ නුඹ ළඟින් ඉන්නට
කරපු පිං මදි වෙලා අපි දුරින් උන්නට
ආදරෙන් හිත පිරේ වැටෙන හැම හුස්මක

මතු බවේ අපි කලින් හමු වෙලා ළඟ ඉන්න
දෙඅත් පටලාගෙන සංසාරේ දුරයන්න
හුඟක් දේ තියනවා ළඟ ඉඳන් කියවන්න
පාරමි දම් පුරමි මගෙ පැතුම් ඉටු වෙන්න

Photo; Heather Mount