ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වීනස් දෙව් දුව

වීනස් දෙව් දුව

චමෝද් තිමිර
2022-December

කුමුදු කුසුම් සිප සැනසෙන කෙහෙරැල්ල
රතඹර දෙතොල පානා මද හසරැල්ල
වීනස් දෙව් දුවට සරිවූ නෙත් තැල්ල
සිත් ගිනි නිවා සරසයි හද සැනසිල්ල

තිමිර ඉරා වැටෙනා සඳ කෙමිය වැනි
තුරුගොමු පුබුදුවන හිමිදිරි තුහින වැනි
කරළිය එකලු කරනා ප්‍රතිභාව වැනි
සරතැස නිවන මද්දහනේ සෙවන වැනි

සීලය පසෙකලා බඹරුන් ඇත පේවී
ඉඟියක් ලෙසින් නෙතගින් ඉඟි බිඟි පාවී
මධු කෙමියට තුඩ දමන්න සැර සේවී
සිදගනු නොහී අත්තටු වීනස් දේවී

කිමිදෙන්නට ආසයි පෙම් ගංගාවේ
පෙම්බස් දොඩමින් සුන්දර සන්ධ්‍යාවේ
ඔබයි මමයි බාධක මැද ඇදෙන ගගේ
දොඩමළු නැත ; කඩතුරාව වැසෙනු පෙනේ