ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බුදුරජුන් ඉදිරියේ ගී ගැයූ සමන් මල

බුදුරජුන් ඉදිරියේ ගී ගැයූ සමන් මල

මේනු හෑගොඩ
2023-December

සමඟ පන්සිළු
දෙව්ලොවින් වැඩ
බුදුන් ඉදිරි යේ
ගී ගැයූ සමන් මල
සුවඳ පිදු සඳුන් ගස
පුද දෙවුණු නෙලුම් මල

සවන් පිනවූ
හදවත් සැනසූ
පිනම ඇති
කෙදිනක හෝ යළි
එහිම වඩින්නට

එනවා මමත් කවදා හෝ
සවන අම දෙන
හද ම සුවවන
තව්තිසා සිට ගයනා
සත්‍යයේ ගීය
අසා සුවපත් වන්නට