ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මූදු හතක්‍ ඈත සිටින තවම නොදුටු මුණුපුරා ට… –

මූදු හතක්‍ ඈත සිටින තවම නොදුටු මුණුපුරා ට… –

චන්දන ගුණසේකර - ලන්ඩනය
2021-September

කිරි දත් සිනා පානා
දෙනෙතින් විදුලි මවනා
සුරතල් පුතුනි සොඳනා
දැකුමින් අපව නිවුණා

මොළ කැටි නුඹගේ පහසේ
කිමිඳෙනු රිසිය පුතුනේ
යොදුන් දස දහසේ
දුරටත් කිරි සුවඳ දැනුණේ

නුඹගේ මුවින් මගෙ පුතු මම දකිමි පුතේ
නුඹගේ පියා නැලැවූ හැටි සිතමි පුතේ
කුළුඳුල් මුණුපුරා නුඹ මගෙ හදෙහි පුතේ
සීයයි මමයි තිරිහං වන රහස පුතේ

මීට අත්තම්මා

චන්දන ගුණසේකර ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ‘මකුළුවෝ මේ සීත කාලයයි’
එය දොරට වැඩීමේ වැඩසටහන මෙම ලින්කයෙන් https://fb.watch/6QQQOK-EaX/