ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අමරදේව

අමරදේව

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
2022-November

හෙළයේ මහා ගාන්ධර්වයා වූ අමරදේවයන් මියගොස් නොවැම්බර් 6 වන දිනට හය වසරක් පිරේ. මේ සිඟිති පැදි පෙළ ඔහුට උපහාරයක් වේවා!

ලක් දෙරණ නිරතුරු
ගී නදින් කළ විසිතුරු
මධුර හඬ සුමියුරු
මියැසි ගගනත ඔබය නිසයුරු

වෙසරද පඬි රුවන
සකු හෙළ මගධ බස දැන
පබඳ ගී රන්වන
රසික හද මල් නිබඳ පුබුදන

සොඳුරු ගී බන්දන
දෙසවන සදා රන්දන
අමර සර වින්දන
සාධු ජන හද නිබඳ රැව්දෙන

මුවින් ඔබ නින්නද
මියුරු ගී මන නන්දන
වින්ද රස බෝ දන
හිඳී නෙතු අග කඳුළු නංවන

පබැඳුම 07/11/2016