ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මහ උන්දා

මහ උන්දා

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න - ආලංකුඩාව
2024-February

නෙත අයාගෙන
බලා හුඟ දවස් ඉඳ
නෙලාගෙන පලවැල ටික
හැම එකක විඳ රසය
අවසනේ
විලිස්සාගෙන දත කට
මහ උන්දා ඈදි ගෙන
පිල කොනක
කොඳුරයි…
නැතිව කිසි විලිසංගයක්
“කපන්ට ඕනෑ කොස් අතු ටික
අතුගාලම අමාරුයි කොන්දට”

Photo; Jason Leem