ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නොකිවු ආදර ය

නොකිවු ආදර ය

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
2022-March

නොකිවු ආදර ය

සොඳුරිය
ඇණ ගසන් මා
කුරුසි ය මත
ස්පාටකස් ඇණ ගැසූ විලස ම
එ දා රෝමය .

නොහෙලමි එක ම කඳුළක්
විකා දත් දැඩි කොට
නොනඟමි එක ම කෙදිරියක්
උසුල මි මරණීය වේදනා
තනි ව මම

තවත් බෑ මට නවතන්න
මගෙ දෑස පිරෙනා කඳුළු කැට
තවත් බැහැ මට උසුලන්න
මගේ ළය විදින -මේ රිදුම
එපා මට තව රිදවන්න
ඉන්නෙ මම
ඇති තරම් දුක් විඳ

එහෙත් කෙලෙසක කියම්
මං ආදරෙන් බව ඔබ ට
තිබෙන කළ ලෝකය
මේ ආදරය තහනම් කොට

පරිවර්තනය 15-01-22

ස්වකීය යොවුන් ඉංග්‍රීසි ගුරුතුමිය කෙරෙහි ප්‍රේමයෙන් බැඳී එය ප්‍රකාශ කිරීමට අසමත් ව වූ ශිෂ්‍යයාගේ
හදින් නැඟි වේදනාත්මක ස්වරයයි .

Unexpressed Love

Crucify me like Spartacus
I won’t shed a single tear
I will grit my teeth
And I will make no sound.

Now i cannot keep tears in my eyes
Now I can not keep agony in my heart
Don’t torture me
I have suffered enough
But how can I tell
that I love you
When it is prohibited. !

1975 Original text

Agony of the student who fell in love
with his young English Teacher