ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මතක

මතක

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2023-January

අපෙ සෙවනැලි මියෙන දිනක
මිහිදන් වූ අපේ මතක
පාවී යන වළා රොදක
සැඟව තියේ රහස් විලස

හිරු ගිලගත් අහස් කුසක
දම්පැහැවන් වළාකුලක
නුඹ මා හට දුන්නු මතක
රැඳී තියේ සුසුම් විලස

ගණඳුර ලොව ගලන රැයක
සීතල වූ සොහොන් කොතක
නටඹුන් වූ නුඹේ මතක
විසිර තියේ තවම හඬන