ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බලහත්කාරයෙන් ආ අවුරුදු

බලහත්කාරයෙන් ආ අවුරුදු

දීපා ද සිල්වා - ලන්ඩනය
2023-May

ඇසෙන නෑසුන

ලෙසට සිටිනා

කොවුල් අමිහිරි ගීත සද්දේ

රතුද දුඹුරුද

කියා නොපෙනෙන

අකමැතිම මල

පිපී අත්තේ

හොරෙන් රිංගන

කැවිලි දුගඳට

පිරී යන නිල මැස්සො මැද්දේ

සුබ පැතුම්

එක පිටට හිර වී

දුරකතනයේ වයර්

අස්සේ

(තම දරුවන් කිසි කෙනෙකු ලග නැති එමෙන්ම තම බිරිද ද මිය ගිය තාත්තා කෙනෙකුට අවුරුද්ද කරදරයක් බව දැනෙන සිතුවිල්ලකි . සුපැතුම් කොතරම් දුරකතනයක් දිගේ ආවද ඒවායේ කිසිම වටිනාකමක් ඔහුට නොමැති බව )