ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වටිනව අපිට එස්. ඒ. කේ. බණ්ඩාර

වටිනව අපිට එස්. ඒ. කේ. බණ්ඩාර

විමල් ඇම්. ගමගේ
2023-July

පියෙකු වගේ දරු කැළ පිරිවරාගෙන
ශිල්ප ලබා දුන්නත් සිත්සේ බෝම
වචන කොහෙද නුඹ අරගෙන සේරෝම
අපට ලියන්නට ඇත්තේ මොනවාද

කවියට ගීතයට සිනමාවට සේම
තල් කොළයටත් පෙම් බැන්දා එක සේම
නළලේ තිලකෙ තුන් නූරුව නැතුවාට
වටිනව අපිට එස්. ඒ. කේ. බණ්ඩාර

පපුවේ ඇනෙන කටු ඉපනැලි පෙන්වන්න
දෑසක් ලබපු නුඹ දෙවියෝ රැකගන්න
කේතුමතී නුවරදි අප හමුවන්න
පතනෙමි පුතුනි එය හනිකට ඉටුවන්න

මේ වගට
පානම් පත්තුවේ ඩිංගිරි අම්මා