ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අම්බපාලියක්

අම්බපාලියක්

වෛද්‍ය මංජුලා පියුමාලි ද සොයිසා
2022-December

ඇඳිරි වැටෙනා කණිසමේ කවුළුවේ තිරයෙනි අහස එතුවේ..
ඉදිරි වැටෙනා පැතුම් තරු කැට මොහොතකට සඟවන්න හිතුවේ
ගිගිරි පය ලෑ බිඳෙන විට ඔය තරම් කෙටුවට අකුණු පපුවේ
“සොඳුරියේ” යැයි කියා ගෙට ගෙන යන්න මොන පිරිමියද පැතුවේ…!

අම්බපාලියටත් වඩින්නට ඇහැකි නිවනක දොරටු පෙන්නා
දම් සභා මණ්ඩපේ කොනකදි කෙළෙස් පොදි තව උරට දුන්නා..
නිම් නොවූ තරු වැල් ගනින්නට රැයේ මට ඇති සෙනෙහෙ දන්නා,
ගම් දනවු පහු කරන් බෝසත් වරු ලෙසින් හොරු පැළට පැන්නා..

තිත් පෙළක් තබවා අදින්නට ආස අමුතුම ගීත ඇතුවත්
ඇති කියල තෙත තීව වදනකි හැර යන්ට හිත හීලැ නැතිවත්..
අත හරින්නට බලවතුන් වග බවලතුන් මිමුණමින් තවමත්,
තත් බිඳින්නෙමි හදෙහි රැක රැක ගල් අතින් ගත් උන්ගෙ පතිවත්..