ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දිනුමේදි ලෙංගතුම ….හිත්

දිනුමේදි ලෙංගතුම ….හිත්

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
2024-March

ලඟ ඉන්න සහ උන්නු අයවලුන් ප්‍රෙජුඩිස් ලු
කරන වැඩ ඇතැමුන්ට කටු අනින විලසින් ලු
කාලයේ මානයේන් කරන දේ වෙනස්ම ලු
වයසේ මානයෙන් ඒකාලෙ එහෙමම නෑලු

හැමදාම එක වාගෙ ඒ ලෙසම ඉන්නැතිලු
එකට බැඳි කරදර ඒකාලෙ හරහට ලු
ඇතුලෙ ඇති හැකියාව පනින්නට ඉඩ නැති ලු
දැන් තමයි කාලය, සහජයට වැට නැතිලු

ප්‍රෙජුඩිස්ව ඉන්න කල් අනිකාව රුචි නැතිලු
කියන හා කරන දේ එකිනෙකට නොදෙවෙනිලු
ඒනිසා ලඟ ඉන්න සමහරෙක් හරි ජේ ලු
දිනුමේදි ලෙංගතුම එපිටින්ම ඇති හිත්ලු

ශානි ඇන්තනි – 30/03/22
(එක්සත් රාජධානිය )