ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුදු සළු පිරි දරන්

සුදු සළු පිරි දරන්

සරත් සී. මුදන්නායක
2023-January

සුදු සළු පිළි දරන්
දොඩන පණ්ඩිත වදන්
හැදුවත් කෙරුමට වසන්
පෙනේ අනුවනකම්
මෝඩයාගේ මෝඩකම්
මුණ්ගේ මෝඩකම්

හිසින් කරඩුව දරන්
සාදු නඳ දෙත් මුවින්
පිනෙන් නෙත් බර වුනෙන්
හිමින් ගියේද ගමන්
පෙනේ දුස්ශීලකම්
මුණ්ගේ දුස්ශීලකම්

දෑත පිරිසිදු බවින්
ඇතැයි නිතරම කියන්
කරයි හොරකම් හොරෙන්
හොරුන් මැද රජ හොරුන්
වේය මුන් කම්බහොරුන්
මුන් වේය රජ කම්බහොරුන්