ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජීවිතය සොයමි මම

ජීවිතය සොයමි මම

මාලපල්ලේ හේමාංගි අමරසිංහ
2022-March

යෞවනයෙ අසිරිය
හිටිහැටියෙ මැකී ගියෙ
ලජ්ජ බය නොදන්නා
තිරිසනෙකු හපා කෑ
පහරින් ය
ඇගේ වුවනත
මෘගයකු විලසින්…

අයාලයෙ ලැගුම් ගත්
ඒ ඛේදවාචකය
නැවත හරවනු ව පස්සට
හැකි වේ ද
කොපමණ වෙහෙසුණත්
ඒ ගැන…

යාදින්නියක සේ
තවමත්
ජීවිතය සිගාකන
ඇය සොයයි
ජීවිතය
ඇයට නරුම ව
උරුම වූ!!