ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නමෝ  නමෝ  බුද්ධ  දිවාකරාය !

නමෝ  නමෝ  බුද්ධ  දිවාකරාය !

දයා ආනන්ද රණසිංහ - එක්සත් රාජධානිය
2021-May

මවක් රක්නා ලෙස එකම පුතු
තමන් ප්‍රාණය නොසලකා   හැර
සියල් සතුනට වඩන ලෙස මෙත
ලොවට වදහළ කුළුණු       සාගර
අවිද්‍යාවෙන්  අඳුරු සක්වළ
එකලු කළ භගවත් දිවා         කර
දොහොත් මුදුනත තබා වඳිනෙමි
උදය දහවල රැයද එක          යුර

Just as a mother protects her only child
Even at the risk of her life
One should cultivate boundless clemency
Towards all beings
Said the Awakened Master
With oceans of compassion.

Then the entire universe illuminated
by his words, banishing the darkness
of hatred and ignorance.

As my only refuge:
Homage to the Blessed One!
In the morning, noon and
Evening, all the same!