ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නවම් මහේ කෙලවෙව්වා චන්දයට

නවම් මහේ කෙලවෙව්වා චන්දයට

නිමල් අබේසිංහ - කඳාන
2023-March

දවස ගෙවන්නට විදියක් නෑ මෙහෙම
බඩට කන්න රස මිහිරක් නැතුවාම
කෑවත් නොකෑවා වේ සිහි කෙරුවාම
උඩට කියනු මිස වාවා ගනු කෝම

දරුවන් වඩා මැද මූලනේ අප්පච්චී
ඒවට ඉතින් කොයි කවුරුත් රැවටිච්චී
රට විකුණලා උන් සේරම සැඟවෙච්චී
රටේ තිබුණු සම්පත් ඔක්කොම පොච්චී

ගණන් ගියා බඩු ඉහ මුදුනටත් උඩ
පනන් හතරකින් දිවි රැකුමටයි වැඩ
මුලන් ගලවලා පෙන්වූ නමුත් වැඩ
දලන් මිසෙක මිණි නැත වට්ටියේ උඩ

සවන් යොමා ඇසුවොත් කදිමයි සැමට
සුවන්දිරම් අය කරමින් ඇත රඟට
උවම් මොටද නීතිය නවනව ජයට
නවම් මහේ කෙලවෙව්වා චන්දයට