ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගෙනෙනු මැන ගී අමරසේ

ගෙනෙනු මැන ගී අමරසේ

ආරියරත්න ජයසිංහ - මහරගම
2023-December

සැඳෑ කළුවර කුර ගගා විත්
මළහිරුගෙ රැස් පිස දමන ව්ට
තරුද නිදිගත් ගිම්හාන අහසක
රම්‍ය සොමි සඳ කිරණ විය ඔබ

වියළි ගම්බිම්වලට ඉහලින්
කඩා හැලෙනා වැස්සකිය ඔබ
බතක් නොඉදෙන පැලක රහසේ
ඉදෙන සුමිහිරි බොජුනකිය ඔබ

දේශයක් පිසදා හමාගිය
සැඬ පවන විය කලෙකදී ඔබ
විටෙක බුදු බැති ගීයක්‍ම විය
තව විටෙක පෙම් කවකි සුමියුරු

සුවහසක් හදවත් තෙමාලන
ගලන ගඟකිය ජීවිතේ ඔබ
වදින තෙක් හිමි සයුර’තේ
ගෙනෙනු මැන ගී අමරසේ.