ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දහමෙහි හැසිරෙන්න

දහමෙහි හැසිරෙන්න

නදී ශානිකා - මහනුවර
2023-August

සසරේ ගමන යන දවසක කරන නිමා
සඳහම් දියර බොන්නට තව කිමද පමා
සිත සනසවා සිත පහදා සවන් යොමා
බණ දම් අසනු එහි හැසිරෙනු සුවඳ හමා…

අරුතක් නොදැන බණ හඬටම සවන යොමා
තිරිසන් සතුන් ලැබ ගෙන ඇත සුවය අමා
පින්වත් සැවොම කෙරුමට මේ සසර නිමා
දහමෙහි හැසිරෙන්න සැනසුම එතන තමා ….

පන්සල බෝ මළුව තෙරුවණ රැඳෙන බිමයි
සන්තානයේ සැනසුම් සිල් සුවඳ හමයි
වැඩිහිටි තරුණ සහ සුන්දර සිඟිති ළමයි
තුන් සිත පහදවා ගත යුතු කාලෙ මෙයයි ……