ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බෙර හඬ

බෙර හඬ

කමනිකා මොහොට්ටිගේ
2022-April

සිනා ඔල්වරසන් මැද
පසඟ තුරු ගොස මැද
දෙසවන් යොමා ඇසූ සඳ
ඇසිමි කඳුලක සියුම් කටහඬ ;

‘කුඹුරෙ දී තැලූවන් ගෙන්
හංවඩු ගැසූවන් ගෙන්
කවර කිත් පැසසුම්
මළ පසුත් බෙර සැදූවන් ගෙන්’ ….