ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තී වෙති ද මාරයා හද ගිනි පුපුරු ලන

තී වෙති ද මාරයා හද ගිනි පුපුරු ලන

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2022-October

කදුරු වාගේ තිත්ත කරුවල
කලු තෙරක එක් දනව්වක හිඳ
විය සිදුර බිඳ පහන් එළි ඇති
දුරු දනව්වක දිවි හරඹෙ හිටි…
තුරඟයකු පිට නැඟී ගත් නුඹෙ
දෙපා යුග බිම නොගැටුණෙ ද රළු
වේගයෙන් හඹ-හඹා ගියෙදැයි
පමණටත් වැඩියෙන් සිතෙයි මට…
කැලෑ කටු පඳුරින් පොහොදු වුණු
පිපුණු කැකුලේ අගය නොදැන ද
ගැමිකමේ සෙනෙහස නසා-නුඹෙ
හුරුබුහුටියත් සුනු-විසුණුකොට!

නොබසිනා හිරුගේ ඉමෙහි සිට
අරුමෝසමට දෙනෙත් නතු කර
බලා සිටියෙ ද තව ඉරක්-පායනු
දකින්නට දිවි අඹරෙ තෙර!!
කාලයේ වැලි තලාවේ යට
උස්-පහත් වූ සියුම් සිතිවිලි
එබෙයි තවමත් වරින්-වර-මායිමේ
හිඳ වැට කඩුලු බිඳගෙන…
හමු වුණේ හැටියට ද ඉරණමෙ
ආ-ගියේ ලොව් “අටේ දහමට”
දෙළොස් කොටුවෙ ම ලියැවි තිබුණෙ ද
බොඳ ව ගිය අපැහැදිලි ව අකුරින්…
කරමි නිවැරැදි මේ සැහැල්ලෙන්
සිදු ‌වෙලා ඇති ඒ විපැත්තිය
ඉතා පැහැදිලි රවුම් අකුරින්
සනස ගනු පිණිස ම මගේ සිත…
තී වෙති ද ඒ මාර වෙසඟන
අපේ හදවත් තුළට රිංගූ
මේ ඇය ද නොව නුඹේ හද ගිනි
දුන්න යුවතිය මහද ගත්තූ!!!