ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කෙළවර

කෙළවර

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
2023-January

හිරු මඬල පැහැසර
ඉන්ද්‍රචාපය කෙළවර
දුන් එළිය, අවසන
කදෝ කිමියකු පසුපස

සැර පරුෂ කුණාටුව
සංසිඳෙයි යම් දවසක
හුදෙකලා මවක මුව
මියෙඬුරු සුසුමක් ව

ඒක මාලා මාලිනී වී
පිපී ගිය මලු’යන
නතරවෙයි දවසක
පරව යන මල් වඩමක

වනත් ගං හෝ පැන
සයුරු වෙරළත ඉම පැන
දිනක් එයි ලැගුම් ගන්නා
ළතෙත් ඇසක කඳුලක

2022-12-24