ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කොරෝනා අතුරු පල

කොරෝනා අතුරු පල

කුමාරි ගවරම්මාන - ශ්‍රී ලංකාව
2021-May

ඔන්ලයින් ඔන්ලයින් ඉගෙනීම          ඔන්ලයින්
ඔන්ලයින් ඔන්ලයින් රැකියාව            ඔන්ලයින්
ඔන්ලයින් ඔන්ලයින් උපදේස              ඔන්ලයින්
ඔන්ලයින් ඔන්ලයින් ලෙඩ ගොඩක්  ඔන්ලයින්

ඇස් ඇඟිලි වැඩ කරයි කට කනුත් වැඩ      කරයි
මොලය මුවහත් කරයි එකම තැන වැඩ ගොඩයි
ඇඟ එකම තැන තමයි ලේ ගමන අඩු         කරයි
සිරුර හා මනස ඔබෙ නොදැනීම ලෙඩ        කරයි

දරුවො පාසල් නොයයි ඉගෙනීම මග  හැරෙයි
හෙට දවසෙ තරුණ අය ක්‍රියා විරහිත      කරයි
විශ්‍රාම ගත් අය ද ඉතා අසරණ                කරයි
අනාගත ලෝකයට මහ ගැටලු    ඇති      කරයි

ලෝකයම අත්විදින කඳුලු උතුරා හැලෙන
වියෝ දුක තුරන් වී සහනයක් ලබා දී
ජීවිතය පරිසරය වටින බව පෙන්වා දුන්
කොරෝනා කොරෝනා යන්න අනේ කොරෝනා