ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි තුලින් මම යලි ඉපැදුනෙමි

ලන්ඩන් කවි තුලින් මම යලි ඉපැදුනෙමි

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර
2022-December

මසකට වරක් ගිය සව් දෙස් සවාරියේ
කවි මිණි එකතුකර පුද දෙන නිමේෂයේ
සුභ හෝරාව අද දින එළැඹීලා තියේ
දොරට වඩිනු ලන්ඩන් කවි කුමාරියේ

මෙතුවක් සිතේ පොදි බැඳි කල්පනාවන්
කවි පද වෙලා නංවා මද සිනාවන්
කාටත් වසන්වී තිබුනත් මනාවන්
ඔබමැයි විවර කෙරුවේ කඩතුරාවන්

මසිතට නැඟුණු රස සිතුවිලි කවි කළෙමි
හෑගොඩ මැතිඳුගෙන් ගුරුහරුකම් ලදිමි
මා දිනු දිවිය තුල නව අරුතක් ලදිමි
ලන්ඩන් කවි තුලින් මම යලි ඉපැදුනෙමි

නවකද ප්‍රවීණද වෙනසක් නොදැනෙන්න
කාටත් සම සමව ඉදිරියටම යන්න
අපමණ සෙනෙහසින් කාටත් අත දුන්න
කවි ලොව මිණි පහන ලන්ඩන් කවි ගොන්න

ඉමිහිරි කවි සුවඳ ලොව තුල පතුරන්න
කවි මුතු එකට අමුනා සිත් සරසන්න
කවි ලොව එළිය කරමින් නිති බබලන්න
සුභ සිරි පතමි තව ඉදිරියටම යන්න !

ආවඩා ආයුබෝවේවා !!