ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හමුවීම

හමුවීම

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2023-January

සගවා තබන්නට
කටු පදුරකින් වටකර
පිබිදෙන්නට සොයමින්
විලිරුදා දිස්කර
සුවදැති රෝස තුඩ
ඝණ අදුර දෙබෑකර
වළාකුල් අතරින්
නිල් අහස් තලයෙන්
පාවි මිහිකත සිපගත්
සද රැජිණගෙන්
බැබලනු විජිතයේ
එකම එක රෝස තුඩ
සැගවුවත් වනරොදේ
සිපගත් විගස
හිරුගේ රැස් දහර
මොහොතකින් පිබිදී
සුවද දී දිලෙන්නට
සැරසුණු මොහොතේ
රෝස මල සොයමින් සැරි සැරු වනගතව සිටි අයකුගේ දෝතටම හිමිවිය.