ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කවුළුව තුළින්

කවුළුව තුළින්

යමුනා අල්විස්
2023-March

මා පුතු තැනු අලුත් නිවසේ
ජනෙල් කවුළුවෙන්
නිතර වට පිට බලන විට
නේක වර්ණ ගස් කොළන්
පුංචි පුංචි සමනලුන්
පාට පාට මල් කැකුළු
විවිධ පැහැගත් කුරුල්ලන්
පියා සලමින් නටති
බත් පතට පලතුරට
පොර බඳිති
නමුත්
මිනිස් සිතුවිලි එහි නැත
තුඩට ගත් බත් කට
අනෙකාට කවයි
සමඟියෙන් ඉගිළ යයි
මිනිසුන්ට පාඩමකි මේ