ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අහස ලස්සනම රෑට

අහස ලස්සනම රෑට

නෙත්මිණී වීරසිංහ- කයිලගොඩ- බදුල්ල
2021-July

වෙලාගෙන තිබුණත් ලොව, බියකරු අඳුර
කටුක රිදුමට සුසුම් දී, ඈ මුවා වූ විටම
බෙදන විට සිසිල සඟවන් සඳ, දිවියක ආවාට
තරුත් කොනක සිට පිරිනමයි සෙනේ ගංඟාව…

ස්වප්න වලා, නෙක මාවත් රඳවන් සිටියත්
දහවල නිල් අහස…
අනේ ඇත්තමයි,
අහස ලස්සනම රෑට…