ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දොර ළඟ

දොර ළඟ

ජයතිලක කම්මැල්ලවීර
2023-December

බලා ඉන්නෙමි
දොර ඇරෙන තුරු
ඇතුලුවන්නට
අඳුරු කුටියට

දොර අරින්නා
⁣නොදන්නේ ම ය
මා සිටින්නේ
පහනක් අතින් ගෙන බව

17-11.2023