ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

18 කොල්ලෙකුට පාඩමක්…

18 කොල්ලෙකුට පාඩමක්…

වජිර ජයවර්ධන
2023-July

සුනිල් ලෙස නාම ලද
මහැදුරෝ බොහෝ ඇත
මේ තරම් ගී කෙතක්
තාම හමු වෙලා නැත…

ගී ලියූ අය ඇතත්
පොත් ලියූ කෙනෙක් නැත
මේ තරම් ගවේශන
ලියා තැබු කෙනෙකු නැත

ගවේශන කල අයද
කවි පොතක් කලේ නැත
කවි කතා රස කතා
හරබරව කලේ නැත

කතා කල අය ඇතත්
චිත්‍රපට කළේ නැත
සිනමාවෙ සුනිල්ලා
මේ තරම් සාර නැත

සාහිතේ අමා ඵල
සොයා ගිය අය අතර
මහ ඇදුරු සුනිල් නම
රන් බරට ලියා ඇත

ඒ වගෙද ස්ටයිල් එක
අමුතුම ම එකක් ඇත
18 කොල්ලෙකුට
හිතන්නට යමක් ඇත

ජීවිතේ සරු සාර
දිවිසැරිය ගෙවා ඇත
ගරු ගුරු ” සුනිල්” නම
චිරං ජය ලබා ඇත.