ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුරුවිට පියසීලී කවි රැජිණියට නිවන් සුව!

කුරුවිට පියසීලී කවි රැජිණියට නිවන් සුව!

අනුර හෑගොඩ
2021-January

‘හිටවන කවි රැජිණ’ යන විශිෂ්ට සම්මානය අගනුවර තරුණ කවි සමාජයෙන් පිදුම් ලැබූ කුරුවිට පියසීලී කිවිඳිය පසුගිය දිනෙක අප අතරින් වියෝ වී ගියාය.

දෙසය දිනූ කවි රැජිණිය නිතරගෙ නී
රසය විහිදුනේ දියතෙහි දස අතිනී
බසය හිටිවනම බැඳුනේ කවි රසිනී
කවිය ඔබය පියසීලී කිවිඳිය නී

මහනෙල් මලක් විලසට නිල් දිය පිපුන
මනලොල් වඩන සිනහව දුටුවන් බඳන
සිහිළැල් වදන තියුණුය මුවඟින් මිදෙන
පියසිල් කිවිඳි යළි දකිනේ නැත කෙදින

නිමවා පැමිණි මෙහෙවර කවියට පෙම්මේ
සදවා දහක් කවි කිවිඳුන් එක පිම්මේ
මොනවා කලත් හදවත ගිණි නැත නිම්මේ
හඬවා ඔබත් යයි ඇය සිරිලක් අම්මේ

අතකස මහා කවි අඹරේ නිති දිළුන
අතකස යකිය ඔබ හිටවන කවි පිරුණ
සෙනෙහස පිරුණු දම් සබයක විඳ සුවෙන
බුදුරැස ඔබට ලැබදේ සුන්දර නිවන

09-11-2020