ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හඬන මුහුද

හඬන මුහුද

ශර්මිලා බන්දුනි දන්වත්ත
2024-January

ඇයි මේ තරම්
සුසුම් ලන්නේ….
ශෝක වන්නේ…..

මුහුදකට උනත්
පුළුවන් ද දරන්නට
මේ තරම් කඳුළු

රැළි නගයි ප්‍රේමයේ කඳුළු
නිහඬයි….බරයි…ගැඹුරුයි
මවුවරුන්ගේ කඳුළු
ඉඳහිටක හමායන කුණාටු
ඒ තමයි…….
පියවරුන්ගේ කඳුළු

බිංදුවන් බිංදුව එක්වේලා කඳුළු
තැනුණාට සමුදුරු
පිරිලා දැන් මුව විටටම
ඉක්මවූවොත් වෙරළ ඉම
ගිලී යනු ඇත
දූපත් මෙන්ම මහද්වීපද

Photo: Joseph Barrientos