![](https://londonkavi.com/wp-content/uploads/2023/12/edu-grande-JVpFGt8A520-unsplash-scaled.jpg)
රැවටීම් ! රඟපෑම් ! ඉවසීම්
රෑක මහ සතපවා දෙනෙත නිදියන පැයට
සීත හිම ගිරි හිසක සිහිනයක වී මැදට
පාට දේදුණු මැකී අසිනි වැහි එන කලට
තාම මම හිතනවා කුමක් වී දැයි ලොවට
කතා කිව්වට නිතර ගොතා සමහර සොඳුරු
හිතා බැලුවම හුඟක් කළේ දේමයි නපුරු
බලා ඉන්නෙම ලෙසට කිඹුල් සේනා රුදුරු
කඩා හිත කැබලි කර ගන්න විලසට ගොදුරු
පලා යා නොහැකිවී රිදෙද්දී තුන් සිතම
හමායන සුළඟටත් කියමි වළඳන දුකම
පතාගෙන යම් දිනක ළහිරු එබෙතැයි සුබම
ඔහේ ඉමි ඉවසගමි අඳ බිහිරි ගොළු ලෙසම