ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සොහොන් වල කණිමින්

සොහොන් වල කණිමින්

වෛද්‍ය සුමුදු ඉරසිංහ - සමර්සෙට් - එංගලන්තය
2022-August

යොදා වෙර වීරියෙන්
මුදාගෙන මර බියෙන්
පුදා දිවි රැක ලැබ දුන්
සදා සැනසුම් සුවෙන් ….

එදා මළකුනු ලෙසින්
කලා අකුරක් පොතින්
සිතා ලොව මහ පඬින්
වැදූමව් රමණය කරන්…

මුලා වී ‍රන්මසු නදින්
දොඩා වහසින් හඬින්
උනා සලු රඟදේ උනුන්
වමාරාකන සේ රසින්…

24/07/23