ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නොසැලෙනා සමන්ගිර…

නොසැලෙනා සමන්ගිර…

වෛද්‍ය මනෝරි ගමගේ
2021-November

පෙරබර වලාකුළු එළනා පාවඩයයි
හිමිදිරි පාන්දර ගිරි හිස ගිණිමැළයයි
දිනකර වැඩමවන්නට තව සුළුමොහොතයි
සමනල ගිරට ගණනක් නම් නැතිම හැඩයි

දවසින් දවස නෙත පිනවන රටාවට
පැහැයෙන් නේක මුසු කරනා කලාවට
නොසැලී කිසිත් හැමදා එක විලාසෙට
ඉඳිනට හැකිය බල මුණි සිරිපා හිසට

තන්හා රතී ආවත් රඟ සමග බැඳී
ඉන්නා විදිය දන්නේ නම් ප‍වෙන් මිදී
පෙන්වා සිතක බල මහිමය තිබෙන රැඳී
රන්දා ගන්න සතුටක් හද නොයන බිඳී