
දන්සැල්
පන්සලේ දායක සබාවෙන්
ඇවිල්ලා ලියමනක්
දැණුම් දීලා සැමට
පොසොන් පෝයට කුඩුවක්
පොසොන් කූඩුව පෝදා අසිරිය
සිතේ රැදුනේ ඉතිරි වදනන්
දන්සැලුත් මේ දෙන්න යන්නේ
එතෙර සිටිනා මේ දනන් වෙත
බැති බරින් සිත් පිරි දනන්
දන්සැල් දමා රස අහර බෙදුවේ
වන්දනාවේ යෙදුන අයවෙත
සැබෑ කුසගිනි නිවාලන්නට
සමිදුණේ මට සමාවෙනු මැන
මසිත ඇත්තේ පුංචි පැනයක්
සැම දිනේ රසමළු බොජුන් ඇති
මේ දනන් වෙත කුමට දන්සැල්?