ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගිණි දළු හා සීතල

ගිණි දළු හා සීතල

චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව
2022-August

සියළු දේ හලු කලන්
ලං වෙන්න බැරි වුනත්
ගිණි දළුත් සුන්දරයි
දැල්වද්දි බුර බූරා
මවමින් විවිධ
හැඩතල රූ රටා

අකමැති වුවත්
කොපමණ
සීතල තමයි ඕනම
සීතලට හුරු වුන
මිනිස්සුයි ජයගත්තෙ
ලෝකය
ද්‍රව්‍යමය