ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
2022-September

විදෙන ලෙලෙන නරුබර පුළුලු’කුලැ රැඳී
හෙලන නඟන අතැ නුවන’ග බැලුම් දිදී
රුවන දිලෙන අබරණ කැලුම ගතැ යෙදී
සැලෙන පහන් සිළු වැනි රඟන ලිය සැදී

පළල් වූ උකුළෙහි විහිදෙන්නාවූ ද ලෙලදෙන්නාවූ ද කුඩා නොවූ
නෙරිපට ඇතිව, ඉහලට ඔසවන්නා වූ ද පහළ හෙලන්නාවූ ද
අත් කෙරෙහි නෙත් අග බැලුම් බලමින්, ශරීරයෙහි පැලඳූ
රත්නයෙන් බබලන ආභරණ කාන්ති ඇතිව, නටන්නා වූ ස්ත්‍රීහු
චලිතවන්නා වූ පහන්සිළු මෙනි .