ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගෙ දිවියෙ තුන් මවුන් ❤️❤️❤️

මගෙ දිවියෙ තුන් මවුන් ❤️❤️❤️

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
2024-January

එක දිවියෙ එක මවයි
අසා ඇති ඔබ හොඳින්
ඒත් මට තුන් දෙනයි
ඇත්තමයි ඔව් ඉතින් …!

අහිංසක ආදරෙන් කරුණාව ගුලි කරන්
පෙම්මා
දෝරගලයි ආදරය ඉහවහා නොදුන්නත්
උම්මා
තුන්හිතම තුන් ඇවරයි දරු පෙමට හැමදේම
සුම්මා
උපද්දපු මව මගේ ශිරාණිය, ඇය මගෙ පෙම්බර
අම්මා ❤️😘

අම්මා ශෙරින්, කෙදිනකවත් නැත ඇය
නැන්දම්මා
දරුවන් සේම බෑනා, ලේලියන්ට ආදරෙ නැත
නිම්මා
මුනුබුරු මිනිබිරියන්ට සේසතම වියදම් කල
අත්තම්මා
චිරාත් කාලයක් දිනේවා ඇයත් මගෙ ආදර
අම්මා ❤️😘

නැවුම් විකුම් සිතිවිලි පිරි නැණගුණ සපිරි මෙත්
මහිමා
මව සහ දුවගෙ ලබැඳිවූ සිතගත් හදවත
උරුමා
අනේක කාරණා පහදා ඔවදන් අදහස් දුන්
ලලිතම්මා
නිදුක් නිරෝගී දිවියක වැජඹේවා මගෙ ආදර
අම්මා ❤️😘

ශානි- 14/12/23