ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මෙදා උපන් දිනේ ……

මෙදා උපන් දිනේ ……

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2022-August

තරුවක් අරගෙන වරුවක්

යන්නට දුර එක යොදුනක්

හිත ගිහිල්ල Highway එකෙ

ගන්නව පොඩි නිවාඩුවක්

පරණ පුරුද්දට හිටියත්

අහන්න හුරු පුරුදු හඩක්

මෙන්න බොලේ Facetime

එකෙන් එනව කොල එළියක්

ලැබුණත් දහසක් පැතුමන්

එක්කල Sticker රැසක්

බලාන ඉන්නව එනකන්

ඔබෙන් ලැබෙන තරු අකුරක්

මල්ලක් කඩචෝරු ඇතත්

Cupboard එකේ තට්ටු දෙකක්

රටකජු ගොට්ටක මතකය

දුවනව දුර රස ගමනක්

අත් අල්ලා හිත සතුටින්

සදතැන්නේ ගෙවුණු රැයක්

Photo අතර හිත දුවනව

දුරින් දුරට දුර ගමනක්