ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැඩිහිටි නිවාසය

වැඩිහිටි නිවාසය

නිතීඥ පද්මිණීදේවී ජයසේකර - ලන්ඩනය
2021-May

දරු  පවුල රත්තරන්
ලැබුනා මට පෙර පිණින්
රැකුණා අප සැම සතුටින්
කාලය හමාගියා සැනෙකින්

පියාගේ  වියෝගය දරාගන්නට බැහැ
නිවසේ තනියම ඉන්නට බැහැ
දරුවන්ට මා දැන් වදයක්  නැහැ
වැඩිහිටි නිවාසය මට සෙවනකි

තනිකම පාලුව නැහැ මට
යහළුවන් සිටිනවා මා වටා
කෑම බීමෙන් අඩුවක් නැහැ
තුන් වේලම ලැබෙයි හරි වෙලාවට

සැම  සති අන්තයේම නාවට
කමක් නැහැ පුතුනි මගේ
මසකට සැරයක් ආවම ඇති
දරු පැටවුන් බලාගන්න දෙවි රැකවරණින්