ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සකී………

සකී………

නිරෝෂා ගුණසේකර - බුත්පිටිය
2022-December

පායන සඳරැස් හෙමිහිට ගැළුවත්___කෙලෙස සිඳින්නද අඳුර හදේ

පෑ හසරැල්ලෙන් සනහාලූ සිත___ මතකය අතරින් නිතර ඇදේ

මාහද තෙරපෙන ආල හැඟුම් හැම_____ සිරව සුසුම් රැළි තරඟ බිඳේ

කෝම වුවත් ඒ සෙනෙහස නාමෙට_____අහිමි වුවත් සෙනෙහසම පිදේ…..

පුරවා හදවත පැතුම් ගොඩක් ඇත _______මෙතුවක් කල් මම නුඹට නොකී

භවයෙන් භවයට සසර සරා විත්______ නුඹම පතා සෙනෙහසම රැකී

රිදුමක් සමගින් නැගගෙන ආවත් ______හද කොණකින් නිරතුරුම ඉකී

අදමෙන් බැඳි සෙනෙහසේම නාමෙන්____මිය යනතුරු අපි හිඳිමු සකී