ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුභාෂිතයේ සිත්ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා
2021-November

විපුල නැණැති මහතුන් හට පත් විපත
නිසල නැණින් යුතු උතුමෝම දුරලත
කළල ගිළිනු මත වරණිඳු ගොඩ ගනුත
තුමුල බලැති ගිජිඳකු මිස අන් කෙවත

මහත් ගුණයෙන් යුතු උත්තමයන්ට ඇති වූ විපත්තියක්
නුවණ ඇති උත්තමයෝ ම දුරු කරති. මඩේ ගිලිණු මත් වූ
ඇත් රජෙකු ගොඩ ගැනීමට ඒ හා සමාන මහත් බල ඇති
ඇත් රජෙකු මිස අන් කවරෙක් සමත් වේද?